About Us

ලොව පුරා ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත නවමු අත්දැකීමක් එක් කරමින් චීන රජය මඟින් චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය(CRI)ආරම්භ කරනු ලැබුයේ 1941 දෙසැම්බර් මස 3වැනිදාය. ලෝකයට චීනය පිළිබඳත්, චීනයට ලෝකය පිළිබඳත් මෙන්ම ලෝකයට ලෝකයේ තොරතුරු වාර්තා කරමින් චීනය හා ජාත්‍යන්තර ප්‍රජාව අතර අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ මුඛ්‍ය පරමාර්ථයයි. ලොව පුරා වැඩිම භාෂා ගණනකින් වැඩසටහන් විසුරුවා හරින ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් බවට පත්ව ඇති චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය, මේ වන විට භාෂා 65කින් සිය වැඩසටහන් ඉදිරිපත් කරයි.

සිංහල සේවය

වර්ෂ 1975 ජනවාරි පළමු වනදා ඇරඹී චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල‍ සේවය චීන සංස්කෘතිය සහ ලාංකික සංස්කෘතිය යා කරන නූතන පාලමක් බවට පත් වී තිබේ. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල‍ සේවය මේ වන විට ශ්‍රී ලංකීය ජන ජීවිතය වෙත චීනයේ සුභද මිත්‍රශීලීත්වය පලකරන සහෘද නාලිකාවක් ලෙස ලොව පුරා සිංහල අසන්නන්ගේ පිළිගැනීමට ලක් වී මාරයි.

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය  2010 වසරේ අප්‍රේල් මස 23 වන දින සිට ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත ආවරණය කරමින් 97.9FM න් තම විකාශන කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළේය. ආරම්භයේ දී දිනකට පැය 4කට සීමා වූ ගුවන් කාලය තුළ විකාශය වූ සියළුම වැඩසටහන් චීනයේ සිට ගෙන එනු ලැබූ වැඩසටහන්ය. 2015 ඔක්තෝබර් මස 12 වන දා ශ්‍රී ලංකාව තුළ සිය විකාශන කටයුතු ආරම්භ කිරීමත් සමඟ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය පැය 19ක් දක්වා තම ගුවන් කාලය වර්ධනය කර ගැනීමට සමත් විය.  
චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ අපේක්ෂාව තවදුරටත් ශ්‍රවන කලාපය පුළුල් කොට වඩාත් වැඩි සේවාවක් ශ්‍රී ලංකාවේ අසන්නන් වෙනුවෙන් ලබා දීමයි.



Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST