ශ්‍රී ලංකාවේ චීන සමාගම්

Written by on December 5, 2017

 

දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 වැනි අදියර

 

 

 

ඉන්දු සයුරේ මුතු ඇටය ලෙස විරුදාවලි ලැබූ ශ්‍රී ලංකාව පැසිෆික් හා ඉන්දීය සාගර මුණගස්වන අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසද හැදින්විය හැකියි. දකුණු ආසියාවේ ප්‍රවේශ ද්වාරයද වූ එය ඉපැරණි සේද මාවත සිහි ගන්වමින් 21 වැනි සියවසේ සාගර සේද මාවතට ජීවය උත්පාදනය කරනවා.

මේ කේන්ද්‍රස්ථානය අභ්‍යන්තරයේ දක්ෂිණ අධිවේගී මාර්ගය නූතන ඉතිහාසයේ අතිශය වැදගත් ව්‍යාපෘතියක්. මේ වන විට එම මාර්ගය මාතර දක්වා ඉදිකර අවසන්. එහි දිගුව හෙවත් 3 වැනි පියවර මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 96 ක දුරකින් යුක්තයි. එමෙන්ම චීනය ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගොඩනංවන සමුද්‍රාසන්න සේද මාවතේ ප්‍රධානතම ව්‍යාපෘතියද මෙයයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණුදිග යා කරන මෙම මාර්ගය මෙරට මාර්ග ඉදිකිරීම් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක්. එක් දිසාවකට මංතීරු දෙක බැගින් මංතීරු හතරකින් සමන්විත මෙම කොටස නිර්මාණය කෙරෙන්නේ පැයට කිලෝමීටර එකසිය විස්සක (120Km 1/h) වේග සීමාවකින් රථවාහන ධාවනයට සුදුසුවන ආකාරයටයි. ප්‍රධාන මාර්ගය දෙපස වැටි හා වේලි සහිතව මූලික ඉදිකිරීම් සිදුවන මේ කොටසට තවත් අංග ගණනාවක් අන්තර්ගත වෙනවා. අන්තර් හුවමාරු 2ක්, මීටර හයසියයක (600) ආරුක්කු පාලම් 2ක්, ඉහළින් වූ හරස් මාර්ග 5ක්, පහළින් හරස් මාර්ග 17ක්, හතරැස් බෝක්කු 45 ක්, නළ බෝක්කු 3ක්, අන්තර් නිනාලයක්, බෑවුම් සහිත ජලවහන පද්ධති, සංඥා පුවරු ඇතුළු අනෙකුත් අංග ඊට අයත්. ඉදිකිරීම් ක්‍රියාවලියේදී පිරවිය යුතු පස් ප්‍රමාණය කියුබික් මිලියන 2.47 කට ආසන්නයි. ඊට අමතරව පස් කියුබික් මිලියන 357000 ක් පමණ කැණීම් සිදුවෙනවා.
CSSEC ආයතනය මගින් මෙම ව්‍යාපෘතියේ කළමනාකාරීත්වය සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලය 60 දෙනෙකුගෙන් සමන්විතයි. ඊට අමතරව 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පිරිසක්ද කළමනාකාරිත්වයේ වගකීම් උසුලනවා.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් හි නිරතව සිටින සේවක පිරිසට චීන ජාතිකයන් 70 දෙනෙකු හා ශ්‍රී ලාංකිකයන් 1,100 දෙනෙකු අයත්.

 

  

යිං හෙන්
(විධායක ව්‍යාපෘති කළමනාකරු CSCEC
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 03 වැනි අදියර) 
“දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වැනි අදියර ආරම්භ කළේ 2016 වසරේ ජනවාරියේදී මේ වෙනකොට එහි වැඩ කටයුතු 50්‍ර පමණ අවසන්. ප්‍රධාන මාර්ගයේ වැඩ 2018 අවුරුද්ද අග වන විට ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා”.
මෙම ව්‍යාපෘතිය භාරගත් දිනයේ සිටම පරිසර සංරක්ෂණය සහ සුසංගත සංවර්ධනයේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංකල්ප පිළිපැදීම අපගේ අභිප්‍රාය වුණා. ඒ අනුව අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය (GSMB) සමග සම්බන්ධ වුණා. වායු සමීක්ෂණය, ජලය, ශබ්දය, කම්පනය සහ ව්‍යාපෘතියට අදාළ අනෙකුත් පාරිසරික කරුණු මෙන්ම මාර්ගය අවට මීටර් 75 ක දුරින් පිහිටි නිවාසයන්හි ඉරිතැලීම් සමීක්ෂණයටද එම ආයතනවල සහය ලබා ගැනුණා. විශාල වපසරියකින් යුත් හරිත පරිසරයකට අවම බලපෑම් සිදුවන ආකාරයට කටයුතු කිරීමේදීත් එම උපදෙස් වැදගත් වුුණා. මේ අතරවාරයේදී අපි තුන්වැනි පාර්ශවයක සහය ලබාගත්තා. අධිවේගී මාර්ගයේ ශාක හා සත්ව විශේෂ සම්බන්ධ ක්ෂණික ස්ථාන පරීක්ෂාව හා ගැටලූ පිළිබද වාර්තා ලබාගැනීම එම සහයෝගීතාවයේ අරමුණයි. එම වාර්තා අනුව අලි ඇතුන්ගේ සංක්‍රමණික පුරුදු සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගයට අයත් යටි මාර්ගවල ස්ථාන සහ විශාලත්වය වහා වෙනස් කිරිමට පියවර ගත්තා. අලිමකඩ සහිත යටි මාර්ග නැවත සැලසුම් කරමින් මිනිසා සහ පරිසරය අතර සහජීවනය සංගත අයුරින් පවත්වා ගැනිමට ක්‍රියා කළා. පස් මගින් වේලි සකස් කිරීමේ ක්‍රියාවලියේදී මහා පරිමාණයෙන් දූවිලි හට ගැනීම වැළැක්විය නොහැකියි. එහි ප්‍රතිඵලය ඊට එරෙහිව අවට ගම්වාසීන්ගෙන් පැමිණිලි ඉදිරිපත් වීමයි. තත්ත්්වයට විසදුම් ලෙස අදාළ ජනවාස ආශ්‍රිතව දූවිලි බාධක 150ක් සකස් කෙරුණා. සෑම කිලෝමීටරයක් පාසා ජල ඉසින දෙක බැගින් යොදා ගනිමින් දූවිලි පාලනය කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගය හනන්තොට හරහා වැටී ඇති අතර එම ප්‍රදේශය දැඩි වියළි කාලගුණයක් සහිතයි. එම පළාතට වර්ෂාව ලැඛෙන්නේද ඉතා ස්වල්ප වශයෙන්. ජල සම්පාදනයද අතිශය දුෂ්කරයි. මෙයට විසදුම් ලෙස අපි ගැඹුරු ළිං 90කට අධික සංඛ්‍යාවක් සකස්කර අවට ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සදහාද ජලය සම්පාදනය කළා.

බණ්ඩාර
(ව්‍යාපෘති පාරිසරික ඉන්ජිනේරු) 
“මම මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියට අනුයුක්තව සේවය කළා. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියර මම සම්බන්ධ වුණ විශාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස සදහන් කරන්න පුළුවන්. මම ඉතා හොදින් දුටු දෙයක් තමයි මේ ව්‍යාපෘතිය භාර CSCEC සමාගම පරිසරය ආරක්ෂා කිරීම සදහා දැඩි කැපවීමකින් ක්‍රියා කරන ආකාරය”
දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වැනි පියවරේදී ගුණාත්මක ක්‍රමවේද භාවිතා කරනු ලැබුවේ අතිශය වෘත්තිය මට්ටමින්. සැලසුම් හා නිර්දේශිත අවශ්‍යතා සපුරා එමගින් උසස් තත්ත්්වයේ ඉදිකිරීම් සහතික කෙරිණි. “ප්‍රකාශිත ක්‍රමවේද සහ පවත්නා ආකෘති” මත පදනම්ව සියලූ ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවට ලක් කර ඒ සදහා අනුමැතිය ලැබීමෙන් පසු ඉදිකිරීම් සදහා යොදාගැනීම මෙහිදී මූලිකව අනුගමනය කළ ක්‍රියා මාර්ගයකි. සියලූ ව්‍යුහයන් සකස් කරන ලද්දේ පිළිගැනීමක් සහිත වානේ සැකිලි ආධාරයෙනි. සමස්ත කොන්ක්‍රීට් පද්ධති තද අභ්‍යන්තරයක් හා මටසිලූටු මතුපිටක් සහිත නිවැරදි ආකෘතියකට අනුව නිර්මාණය කෙරුණි. විශාල පරිමාණයෙන් කොන්ක්‍රීට් භාවිතයේදී ඒවායේ උණුසුම් ස්වභාවය ඉවත් කරන ලද්දේ සිසිල් ජලය මගිනි. රාති්‍රයේ හා තද උණුසුම් කාලගුණයක් සහිත දහවලේදී ප්‍රදේශවාසීන්ට අත් විදීමට සිදුවන අපහසුතා සමනය කිරීම පිණිස අපි සාධාරණ ක්‍රමවේද අනුගමනය කරමින් තලාද ගොඩනැංවීම සවස් කාලයට යොදාගත් අතර එහිදී එම නිර්මාණයේ උසස් ප්‍රමිතිය හා තත්ත්වය ආරක්ෂා කිරීමට වග බලා ගතිිමු. ඉදිකිරීමේ කාලය තුළ ව්‍යාපෘතියේ කටයුතු දැක බලා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ සරසවි සිසු සිසුවියන් වරින්වර මෙහි පැමිණීමද විශේෂත්වයකි.

හේරත්
(ව්‍යාපෘති භාර ඉංජිනේරු සහ තත්ත්ව උපදේශක)
“මගේ වයස අවුරුදු 69 ක්. මම දේශිය හා විදේශීය ආයතන ගණතනාවක රැකියාව කරලා තියෙනවා. CSCEC ආයතනයේ සුපිරි මට්ටමේ තත්ත්ව කළමනාකරණ ක්‍රමවේදයක් වගේම විශිෂ්ට ව්‍යාපෘති තත්වාරක්ෂාවක් පවත්වාගෙන යන බව තමයි මගේ අදහස. මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා උසස් තත්ත්වයෙන් යුත් මෙවැනි අධිවේගී මාර්ගයක් ඉදිකිරීම ගැන”.
මේ ව්‍යාපෘතියේදී පසුකර යාමට සිදුවන ස්වභාවික ගම්මාන, සංකීර්ණ පාරිසරික තත්වයන් සහිත හා ජනයා බහුලව ගැවසෙන ග්‍රාමීය ප්‍රදේශ. එබැවින් මහා පරිමාණයෙන් සම්බන්ධීකරණයක් අවශ්‍යයි. එම නිසා ව්‍යාපෘතිය මගින් ඒ සදහා විශේෂිත පුද්ගලයෙකු පත්කළා. ඔහුගේ වගකීම වුනේ ප්‍රදේශවාසීන් සමග අදහස් හුවමාරුකර ගනිමින් සම්බන්ධීකරණය පවත්වාගෙන යාම වගේම ඉදිකිරීම් ක්‍රියාවලියේ අවශ්‍යතාව අවධාරණය කිරීම. ඒ සමගම අවට ගම්වාසීන්ගේ මූලික අවශ්‍යතා සපුරාලමින් මාර්ග ඉදිකිරීම, ගොවි ජනතාවගේ වගාබිම් සදහා ජලය සැපයෙන වාරි මාර්ගයන්හි තත්ත්වය වර්ධනය කිරීමට ඇළ මාර්ග හරවා සකස් කිරීම යනාදිය ඉටු කෙරුණ. ව්‍යාපෘතිය ආරම්භයත් සමග තදාසන්න ප්‍රදේශයන්හි ජනතාව විශාල වශයෙන් රැකියා අවස්ථා බිහිවීමත් විශේෂිතයි. එය එම ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීමට එක එල්ලේ උපකාරි වූවා සේම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට ඵලදායී ලෙස උපකාරී වුණා.

නලින් 
(ව්‍යාපෘති සම්බන්ධීකාරක)
“CSCEC ඉතාම විශ්වාසනීය සමාගමක්. එම ආයතනයට සමාජ වගකීම ගැන තදබල අවබෝධයක් තිඛෙනවා. ඒ වගේම විහාරස්ථාන, පළාත් පාලන ආයතන, බහුජන සංවිධාන සහ ප්‍රදේශවාසීන් සමග සන්නිවේදනය සවිමත් කරමින් අවශ්‍ය සහාය ලබා දීම සිදුවෙනවා. අවට ගම්වාසීන්ට රැකියා අවස්ථා ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්්වය ඉහළ දැමීමටත් මේ ආයතනයෙන් සිදුවන්නේ් විශාල සේවයක් ”
ව්‍යාපෘතිය ආරම්භයේ සිට සේවකයන්, ඉංජිනේරු උපදේ්ශකයන් පළාත් අධිකාරිය සහ සංවිධාන, ගම් වාසින් ආදී සියලූ පාර්ශවයන්ගේ සහයෝගය මත ඉදිකිරිම් ක්‍රියාවලිය බාධාවකින් තොරව විශාල ඉදිරි ගමනක යෙදෙනවා. —පුරෝගාමියා වීමේ අභියෝගය භාරගනිමු. පළමුවැන්නා වීමට සටන් වදිමු˜යන්න ගෙවුන කාලය පුරාම අපගේ උදාන වාක්‍යයයි. CSCEC කාර්ය මණ්ඩලය සියලූ පාර්ශවයන් සමග උද්යෝගයෙන් අව්‍යාජව සහයෝගීතාව වැඩකටයුතු ඉටුකිරීමට බොහෝ කැමැත්තෙන් සිටිනවා. ඒ චීන ශී්‍ර ලංකා සහයෝගීතාවය යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3වැනි අදියර අනර්ඝ ව්‍යාපෘතියක්, ආදර්ශවත් ව්‍යාපෘතියක් බවට පත්කරමින් වේගවත් සංවර්ධන මාවතකට ප්‍රවේශව සිටින ශ්‍රී ලංකාවට පහසුකම් සපයන්නා වීමේ අරමුණද සහිතවයි.

 

    


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Continue reading

Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST