යුනාන් ප්‍රාන්තයේ අධ්‍යාපන වරම් – කොළඹදී ප්‍රදර්ශනයට..

Written by on February 5, 2018

යුනාන් ප්‍රාන්තයේ අධ්‍යාපන වරම් – කොළඹදී ප්‍රදර්ශනයට..

යුනාන් ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධාන කරන ලද ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රනයක් කොළඹ Shangri-la හෝටලයේදී පසුගිය දා පැවැත්වුණා.
“උසස් අධ්‍යාපන” අවස්ථා සහ ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණින් සංවිධාන වූ මේ විශේෂ ප්‍රදර්ශනය පැවැත්වුනේ “BALL ROOM” ශාලාවේදී..
මහජන චීන සමුහාණ්ඩුවේ තානාපති කාර්යාල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ ඩොංග් , කොළඹ විශ්ව විද්‍යාලයිය කොන්ෆියුසියස් ආයතනයේ සභාපති ෂැන්ග් ෂි ,උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව දේවසුරේන්ද්‍ර සහ ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ අජිත් D පෙරේරා යන මහත්වරුන් මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වී සිටියා..
පෙබරවාරි 3වෙනිදා පෙරවරු 10ට ආරම්භ වූ මේ විශේෂ වැඩසටහන දිනය පුරා පැවති අතර සමුළුව පැවැත්වුනේ පෙරවරුවේදී.
ලියූ ඩොංග්,මාධව දේවසුරේන්ද්‍ර සහ  අජිත් D  පෙරේරා යන මහත්වරුන් එහිදී දෙසුම් පවත්වන්නට යෙදුනා..
මහජන චීන සමුහාණ්ඩුවේ යුනාන් ප්‍රාන්තීය උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් හා ශ්‍රී ලාංකික සිසු පරපුරේ නියෝජනය මෙහිදී කැපී පෙනුණා..
ප්‍රදර්ශනය නැරඹීම සහ තොරතුරු හුවමාරුව සඳහා ඔවුන් දැක්වුයේ විශාල උනන්දුවක්..
97.9 FM
CRI Sri Lanka

Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST